බන්ධනාගාරයේ කාර්යාල පිරිසුදු කරන වැඩේට සරණ වූ හිටපු ඇමැති
බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන වැලිකඩ බන්ධනාගාරයේ කාර්යාල පිරිසුදු කිරීමේ කටයුතුවලට යොදවා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරනවා.
ඒ අනුව හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර භූමියේ ඇති පුස්තකාලය, ලේඛනාගාරය ආදි කාර්යාල පිරිසුදු කිරීමේ කටයුතුවල යෙදෙන බව ද එම ආරංචි මාර්ග තහවුරු කළා.
එසේම හිටපු ඇමැතිවරයා බන්ධනාගාර නිලධාරීන් මෙන්ම අනෙකුත් රැඳවියන් සමඟ ද ඉතා සුහදශීලීව කටයුතු කරන බවත් සඳහන් වෙනවා.

