free web stats

අද ශ්‍රී ලංකා කොදෙ­ව් ටෙස්ට් තරගය

සංචා­රක ශ්‍රී ලංකා කණ්ඩා­යම සහ බට­හිර ඉන්දීය කොදෙව් කණ්ඩා­යම අතර තරග 2කින් සම­න්විත ටෙස්ට් තර­ගා­ව­ලිය අද (25) නෝර්ත් සවුන්ඩ්හි ශ්‍රීමත් විවි­යන් රිචඩ්ස් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වෙනවා.අද තර­ගය මෙරට වේලා­වෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නිය­මි­තයි.

මේ තර­ග­යත් සමඟ ශ්‍රී ලංකව ටෙස්ට් පිටි­යට පිවි­සෙන්නේ වස­ර­කට පසුව වේ.

මේ තර­ගා­ව­ලිය 2025-27 අයි­සීසී ලෝක ටෙස්ට් ශූර­තා­ව­ලි­යට ඇතු­ළත් බැවින් තර­ගා­ව­ලියේ ජය දෙපි­ල­ටම තීර­ණා­ත්මක වී තිබෙනවා.

එම ශූර­තා­ව­ලි­යේදී ශ්‍රී ලංකාව මේ වන විට තරග දෙකෙන් එකක් ජය­ගෙන තෙවැනි තැන සිටින අතර, කොදෙව් පිල අව­සන් ස්ථානයේ (9) පසු වන්නේ තරග 8කින් 7ක් පරා­ජය වීමෙනි.

කණ්ඩායම් දෙකම ටෙස්ට් තර­ගා­ව­ලි­ය­කට එක් වන්නේ වසර 5කට පසු­වන වන අතර, අව­සන් වරට 2021 වසරේ ගාල්ලේදී දෙපිල හමු­විය.

ශ්‍රී ලංකාව එම තර­ගා­ව­ලිය 2-0කින් ජය ගත් අතර, ඉන් පෙර එම වස­රේම මාර්තු/අප්‍රේල් කොදෙ­ව්හිදී පැවති තර­ගා­ව­ලිය ජය පරා­ජ­යෙන් තොරව අව­සන් විය.

කොදෙ­ව්වන් අව­සන් වරට ශ්‍රී ලංකා­වට එරෙ­හිව ටෙස්ට් තර­ගා­ව­ලි­යක් ජය­ගෙන ඇත්තේ 2003 වසරේ කොදෙ­ව්හි­දීයි.

ශ්‍රී ලංකාව අව­සන් වරට 2018 වසරේ කොදෙ­ව්හිදී ටෙස්ට් තර­ග­යක් ජය­ගෙන තිබේ.

එම තර­ගා­ව­ලිය නිමා වූයේ 1-1ක් ලෙසිනි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තව­මත් කොදෙ­ව්හිදී ටෙස්ට් තර­ගා­ව­ලි­යක් ජය ගෙන නැත.

මේ තර­ගා­ව­ලි­යට එක්වන 17 දෙන­කු­ගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචි­තයේ නාය­කයා ලෙස ධනං­ජය ද සිල්වා කට­යුතු කරන අතර, කමිඳු මෙන්ඩිස් උප නාය­ක­ත්ව­යට පත්ව ඇත්තේ පළමු වර­ටය. මේ ක්‍රීඩ­ක­යන් 16 දෙනාට අම­ත­රව තව­මත් ජාත්‍ය­න්තර තරග වරම් ලබා නැති ඉසිත විජේ­සු­න්ද­රට ස්ථාන­යක් වෙන්ව තිබීම විශේ­ෂ­ත්ව­යකි. 29 හැවි­රිදි ඉසිත පළමු පෙළ තරග 58ක් ක්‍රීඩා කර­මින් කඩුලු 152ක් බිඳ හෙළා ඇති අතර, අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 1198ක් රැස් කර තිබෙනවා.

රොස්ටන් චේස්ගේ නාය­ක­ත්ව­යෙන් යුත් කොදෙව් සංචි­ත­යට කඩුලු රකින පිති­කරු ජොෂුවා ද සිල්වා යළිත් කැඳවා ඇති අතර, පසු­ගිය වසරේ ජන­වාරි මස එක් තර­ග­යක් පම­ණක් ක්‍රීඩා කර ඇති අමීර් ජැන්ගු ද එක් කර තිබේ. අල්සාරි ජෝසප් සහ ෂමාර් ජෝසප් ද යළි කණ්ඩා­ය­මට එක්ව සිටියි.

ශ්‍රී ලංකා සංචි­තය – ධනං­ජය ද සිල්වා (නායක), කමිඳු මෙන්ඩිස් (උප නායක), පැතුම් නිශ්ශංක, ළහිරු උදාර, නිශාන් මධුෂ්ක, දිනේෂ් චන්දි­මාල්, පසිඳු සූරි­ය­බ­ණ්ඩාර, කුසල් මෙන්ඩිස්, සොනාල් දිනූෂ, මිලාන් රත්නා­යක, ප්‍රභාත් ජය­සූ­රිය, ර‍මේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, ඉසිත විජේ­සු­න්දර, කසුන් රාජිත.

කොදෙව් සංචි­තය – රොස්ටන් චේස් (නායක), ජොමෙල් වොරි­කන් (උප නායක), ජෝන් කැම්බල්, ටැගෙ­න­රීන් චන්ද්‍ර­පෝල්, ජොෂුවා ද සිල්වා, ජස්ටින් ග්‍රීව්ස්, කවෙම් හොජ්, ෂායි හෝප්, අමීර් ජැන්ගු, අල්සාරි ජෝසප්, ෂමාර් ජෝසප්, බ්‍රැන්ඩන් කිං, ඇන්ඩ­ර්සන් පිලිප්, කෙමර් රෝච්, ජේඩන් සීල්ස්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *