free web stats

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කෙරේ

පහළ මැදි ආදායම් තත්ත්වයේ සිටි ශ්‍රී ලංකාව 5% දළ දේශීය නිෂ්පාදිත වර්ධනයක් වාර්තා කිරීම හමුවේ නැවත ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව නම් කර තිබෙනවා.

මේ අතර ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ, සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 350 ක මූල්‍ය ආධාර අනුමත කළා.

දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා, ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක හදිසි ආධාර පැකේජයක් අනුමත කර තිබෙනවා.

ඩොලර් මිලියන 100ක ණය මුදලක් සහ තවත් ඩොලර් මිලියන 100ක සහනදායි ණය මුදලක් ලෙස අදාළ පැකේජය කොටස් දෙකකින් සමන්විතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *