free web stats

ට්‍රම්ප් දැඩ් පියවරක “සටන් විරාම ගිවි­සුම ඉව­රයි”

හෝමූස් සමුද්‍ර සන්ධි­යේදී කටාර් සහ සවුදි අරා­බි­යට අයත් තෙල් නැව් තුන­කට ඉරාන හමු­දා­වෙන් පහ­ර­දීම මුල් කර­මින් අමෙ­රි­කානු හමු­දාව ඉරා­නයේ හමුදා මර්ම­ස්ථාන වෙත එල්ල කළ ප්‍රබල ප්‍රහා­ර­යෙන් පසු නිවේ­ද­න­යක් නිකුත් කළ ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරා­නය සමඟ ඇති­ක­ර­ගත් සටන් විරාම ගිවි­සුම අව­සන් කළ බවත්, එම ගනු­දෙ­නුව කාලය නාස්ති කිරි­මක් බවත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ වන විට තුර්කියේ පැවැ­ත්වෙන නේටෝ රාජ්‍ය නායක සමු­ළු­වට සහ­භාගි වෙමින් සිටින අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත්තේ ඉරා­නය සමඟ තව­දු­ර­ටත් ගනු­දෙනු කිරිමේ කිසිදු අද­හ­සක් නැති බවයි.

ඉරාන නාය­ක­යන් මාන­සික රෝගීන් බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

‘ඉරා­නය මෙහෙ­ය­වන්නේ රෝගීන් පිරි­සක්. මගේ පැත්තෙන් බලද්දී ඒක දැන් ඉව­රයි. ඒ වගේම ඔවුන්ට න්‍යෂ්ටික ආයු­ධ­යක් තිබුණා නම් ඔවුන් අනි­වා­ර්ය­යෙන්ම ඒක පාවිච්චි කර­නවා. මගේ අද­හ­සට අනුව දැන් ඒක ඉව­රයි. මම අපේ කණ්ඩා­යම සමඟ සාකච්ඡා කර­න්නම්. ස්ටීව් විට්කොෆ්, ජරේඩ් කුෂ්නර් ඔවුන් හොඳ මිනිස්සු. කොහොම වුණත් ඉරා­න­යට ආපහු මා වෙත එන්න සිද්ධ වෙනවා. අපි දෙගොල්ලෝ ගිවි­සු­මක් ඇති­ක­ර­ග­න්නවා. හැමෝම එකඟ වෙනවා. ගිවි­සුම ඇති­ක­ර­ග­ත්තට පස්සේ ඔවුන් පිට­තට ගිහින් මාධ්‍ය­යට කියන්නේ ඒ ගැන කතා කර­ලා­වත් නැහැ කිය­ලයි. ඔවුන් හැම­දේ­කම මොකක් හරි වැරැ­ද්දක් දකි­නවා. ඔවුන් බොරු­කා­රයෝ පිරි­සක්‘ නේටෝ සංවි­ධා­නයේ මහ­ලේ­කම් මාර්ක් රූට් වෙත හැරුණු ඩොනල්ඩ් ට්‍රම්ප් එසේ ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *