මීගමුව බන්ධනාගාර ගැටුම පිටුපස කුමන්ත්‍රණයක් තිබේදැයි ව්මර්ශන
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම පිටුපස යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් තිබුණද යන්න පිළිබඳව දැන් විමර්ශන සිදුකෙරෙමින් ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසනවා.
මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය කටයුතු පවත්වාගෙන යෑම පිළිබඳව පැවැති සාකච්ඡාවක් අතරතුර අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූවා.
පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ ස්ථාපිත කෙරෙන නව බන්ධනාගාරය සහ ගාල්ල, මහමෝදර පැරණි රෝහල නව බන්ධනාගාරයක් බවට පත් කිරීමට රජය තීරණ කළේ මාස කිහිපයක් සඳහා පමණක් බවද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මෙහිදී සඳහන් කළා.
ඔහු එහිදී පෙන්වා දුන්නේ බන්ධනාගාර තදබදයට රජයේ විසඳුම් ලැබීමෙන් පසු එම බන්ධනාගාර දෙකම ඉවත් කෙරෙන බවයි.

