free web stats

අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ වාණිජ නැව්වලට ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, අමෙරිකාව විසින් ඉරාන වරායන් වෙත යළිත් පූර්ණ නාවික අවහිරතාවයක් පනවා තිබෙනවා.

මේ හේතුවෙන් දෙපාර්ශ්වය අතර පැවති තාවකාලික සටන් විරාමය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති අතර, කලාපය තුළ දැවැන්ත යුද්ධයක් ඇති වීමේ දැඩි අවදානමක් මතුව ඇත.

පසුගිය අප්‍රේල් මාසයේදී පැනවූ මෙම අවහිරතාවය, ජූනි මාසයේ ඇති කරගත් සාකච්ඡා ගිවිසුමකින් පසු ඉවත් කරගැනීමට අමෙරිකාව පියවර ගත්තා.

නමුත් එම සාකච්ඡා අසාර්ථක වෙමින් හෝමුස් සමුද්‍ර සන්ධියේ ගැටුම් නැවතත් උත්සන්න වී තිබෙනවා.

මේ අතර, හෝමුස් හරහා ගමන් කරන නැව්වලින් 20%ක ගාස්තුවක් අය කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුලින් සැලසුම් කළද, ගල්ෆ් කලාපයේ මිත්‍ර රටවල රාජ්‍ය නායකයන්ගේ ඉල්ලීම මත ඔහු එම තීරණය වෙනස් කළා.

නැව්වලින් ගාස්තු අය කරනවා වෙනුවට, එම රටවල් අමෙරිකාව තුළ ඩොලර් බිලියන ගණනක විශාල ආයෝජන සිදුකිරීමට එකඟ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නාවික අවහිරතාවය පැනවීමට පෙර අමෙරිකානු හමුදාව විසින් ඉරානයේ මිසයිල, ඩ්‍රෝන සහ වෙරළාරක්ෂක මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබුණා.

ඉරානය විසින් එම ප්‍රහාරය පිළිගෙන ඇති අතර, ඔවුන් පවසන්නේ තමන් සතු බලය නැති කිරීමට අමෙරිකාව උත්සාහ ගනිමින් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *