free web stats

ආත්ම ශක්තියෙන් ලැජ්ජාව පාරාජය කළ “ලී”

මැරතන් තරගයක් අතරමැදදී එකපාරටම පීරියඩ්ස් (Period) හැදිලත්, නොසැලී දිවූ ලී මේෂෙන්ගේ (Li Meizhen) නොසැලෙන ආත්ම ශක්තිය ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතාවට ලක්ව තිබෙනවා.
චීනයේ පැවැත්වුණු හෙංෂුයි විල මැරතන් තරගයේදී (Hengshui Lake Marathon) 25 හැවිරිදි චීන මැරතන් ක්‍රීඩිකා ලී මේෂෙන් (Li Meizhen) මුහුණ දුන්නේ කිසිසේත්ම නොසිතූ අභියෝගයක් තමයි මේ සිදුවීම.

නොසිතූ මොහොතක ආ අභියෝගය වන්නේ මැරතන් තරගයේ කිලෝමීටර 34ක් දුවලා ඉවර වෙනකොට (තවත් කිලෝමීටර 8ක් ඉතිරිව තිබියදී) ඇයට එකපාරටම ඔසප් වීම (Period) ආරම්භ වුණා. රුධිරය ඇගේ දෙපා දිගේ ගලා යද්දී, ඇති වූ අධික ශාරීරික වේදනාව, අපහසුතාවය සහ සෝෂල් මීඩියා වලින් එන්න පුළුවන් බලපෑම හමුවේ ඕනෑම කෙනෙක් තරගය අතහරින්න තිබුණා.

නමුත් පරාජය භාර නොගෙන ලී ඒ අභියෝගය හමුවේ ඇය තමන්ගේ මුළු ශක්තියම යොදවලා, වේදනාව සහ ලැජ්ජාව පසෙකලා අවසාන කිලෝමීටර 8ත් සාර්ථකව දිව ගියා.

අවසානයේදී ඇය පැය 2යි මිනිත්තු 35කින් (2:35:07) තරගය නිමා කළේ තමන්ට අවශ්‍ය සුදුසුකම් සීමාවද (Qualifying standard) සපුරා ගනිමිනී.

තරගයෙන් පසු ලී මෙන්න මෙහෙම පැවසූවා,

“මම තරගයෙන් අයින් වුණා නම් මට ඒ වෙනුවට තවත් සම්පූර්ණ මැරතන් තරගයක් මුල ඉඳන්ම දුවන්න සිද්ධ වෙනවා. මම ඒ වෙනකොටත් කිලෝමීටර 34ක්ම දුවලා ඉවරයි. මට ඕන වුණේ කොහොමහරි මේ තරගය නිමා කරන්න විතරයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *