විපක්ෂ කණ්ඩායම් එකතු වෙන්න හොඳම වෙලාව මෙයයි
විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් මේ වෙලාවෙ එකතුවෙන එක හොඳයි’ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, වාද්දුව පොහද්දරමුල්ල ජනාරාමයේ අභිනවයෙන් ඉදිකළ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර ප්‍රතිස්ථාපනය කිරීම සහ නිරාවරණය කිරීමේ පින්කම් අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
එහිදී ඔහු වැඩ්දුරටත් පැවසූවේ,
“ගොවීන් වී විකුණා ගැනීමට නොහැකිව බරපතළ ගැටලුවකට මුහුණපා සිටිනවා. මට තේරෙන්නේ නෑ මේ අයට තේරෙනවාද කියලා. වී ගැටලුවට විසඳුමක් තියෙනවා. මේ ආණ්ඩුවට පුළුවන් වී ටික මිලදී ගන්න. විසඳුම වී ටික ආණ්ඩුව ගන්න එක. ආණ්ඩුව යන ගමන ගැන මගේ මතයක් තියෙනවා. ඒ ජනතාවගේ මතයම තමයි. විපක්ෂයේ කණ්ඩායම් එක් වෙන එක හොඳයි. විපක්ෂය මේ වෙලාවේ එක්වෙන්න ඕනනේ. එකතු වෙන තරමට හොඳයි.’

