විනිසුරු විශ්‍රාම වයස ඉහළ දැමීමේ යෝජනාවට නීතිපති අනුමැතිය
අධිකරණ විනිසුරු විශ්‍රාම වයස ඉහළ දැමීමේ යෝජනාව ව්‍යවස්ථාවට අනුකූල වන බවට වන සහතිකය ලබාදුන් බව නීතිපති පාරින්ද රණසිංහ පවසනවා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, සිය අනුමැතිය නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර ඇති බවයි.
සියලු අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමේ යෝජනාවට පසුගිය 27 වැනිදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.
එම යෝජනාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරු විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් සකස් කෙරෙනු ඇති.
සෙසු අධිකරණ විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

