free web stats

හෝමුස් යළි විවෘත කිරීම ගැන ඉඟියක්

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා වන එකඟතාවක් අද හෝ හෙට ඇතිවනු ඇතැයි අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ප්‍රකාශයත් සමඟ ගෝලීය බොරතෙල් මිල ගණන් පහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78 දක්වාත්, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75 දක්වාත් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත වීම පිළිබඳ අපේක්ෂා ඉහළ යාම හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළ තුළ සැපයුම් අවදානම් පිළිබඳ තිබූ අවිනිශ්චිතාවය අඩු වී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *