free web stats

විනිසුරු විශ්‍රාම වයසට එරෙහිව ලබන සතියේ උසාවි යනවා

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව ලබන සතියේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් අද (12) පෙරවරුවේ මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ පිළිබඳව සඳහන් කළා.

එහිදී ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් විසින් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාව පිළිබඳව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් දැනුවත් කිරීමට කටයුතු කර තිබුණා.

“ලබන සතියේ අපි උසාවි යනවා. අපි කිසිඳු සැකයකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණයට ඒත්තු ගන්වනවා මේ කරන්න හදන වැඩෙන් ගොඩ ගැහිලා තියෙන නඩු නීතියේ ප්‍රමාදය සම්බන්ධයෙන් කිසිඳු විසඳුමක් මේ තුළින් ලැබෙන්නේ නැහැ කියලා. සියයට 1යි නඩු තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ.”

“අපි මෙරට සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් හමුවුණා. ශ්‍රී ලංකා අධිකරණය සහ මහා බ්‍රිතාන්‍ය, පොදුරාජ්‍ය මණ්ඩලය අතර ඉතාමත් දීර්ළඝ සහ ගැඹුරු සම්බන්ධතාවයක් තිබුණා. අපි එතුමාට කිව්වා අපේ රටේ අද වෙන දේ අදහාගන්න බැහැ කියලා.”

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ජනාධිපති අතර අද පැවැත්වීමට නියමිත සාකච්ඡාව සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් ජී.එල්. පීරිස් සඳහන් කළේ, “නීතිඥ සංගමය ජනාධිපති හමුවෙලා වැඩක් නෑ..සේරම කරාට පස්සේ හමුවක් දීලා තියෙන්නේ.” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *