free web stats

රාජිතගේ සොයුරු මහීල් සේනාරත්න අත්අඩංගුවට

ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන මහීල් සේනාරත්න මහතා අල්ලස් කොමිසම විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා මත්ස්‍ය අලෙවි මධ්‍යස්ථාන පිහිටුවීම සහ නඩත්තු කිරීම සඳහා නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අනුගමනය නොකිරීමේ චෝදනාවකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහෝදරයෙකු වන මහීල් සේනාරත්න 2010 – 2012 කාල වකවානුවේ ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *