free web stats

‘සමිට්පුර චතූ’ගෙන් තවත් තොරතුරු එළියට

රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටින දිමුතු චතුරංග හෙවත් ‘සමිට්පුර චතූ’ නැමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

ඔහුගෙන් ලබාගත් තොරතුරුවලට අනුව ඊයේ (21) වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පාළු නිවසක සූක්ෂම ලෙස සඟවා තිබූ මෙරට නිෂ්පාදිත බවට සැකකෙරෙන රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

28 හැවිරිදි වියෙහි පසුවන මෙම සැකකරු ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඕමාන්හි සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඉකුත් 18 වැනිදා දිවයිනට රැගෙන එනු ලැබුවා.

ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් රැඳවුම් නියෝග මත තබාගෙන ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි.

මීට පෙරද සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී, විදේශයක සිට මෙරටට ගෙන එන ලද බවට සැකකෙරෙන රිවෝල්වරයක් සහ සජීවී පතරොම් 12ක් මට්ටක්කුලිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් විය.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *