free web stats

ජනතා හිත­වාදී තීන්දු කිසිව්ටෙක ආපසු හර­වන්නේ නෑ

කුඩා කණ්ඩා­යම් විසින් 22 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය ගැන කිය­මින් ජන­තාව බිය ගැන්වී­මට උත්සාහ දැරු­වද තමන් කිසිම විටෙක මෙරට පොදු ජන­තා­වට අග­ති­යක් වන තීන්දු­වක් නොගන්නා බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ කළා.

මින් අග­ති­යක් වන්නේ පාතා­ල­යට, මත් ජාවා­ර­මුන්ට පම­ණක් බව කී ජනා­ධි­ප­ති­ව­රයා, මේවා පාල­න­යට නම් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව, අල්ලස් කොමි­සම, නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව, රස පරී­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුව, අධි­ක­රණ පද්ධ­තිය ශක්ති­මත් කළ යුතු බවත්, නඩු ඉක්මන් කළ යුතු බවත් පැවසූවා.

මේ සියල්ල ඉටු කිරී­මට තමන්ට කවුරු නැතත් ජනතා බලය තිබෙන බව කී ජනාධිපතිවරයා මේ තීන්දුව ගැනී­මට පෙර තමන් ජන­තා­වගේ පැත්තෙන් හොඳට හිතන බවත් අන­තු­රුව ගනු ලබන ජනතා හිත­වාදී තීන්දුව, කව­දා­වත් මොනම හේතු­වක් නිසා­වත් ආපසු හර­වන්නේ නැති බවත් අව­ධා­ර­ණය කළා.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මේ බව පැව­සුවේ 42 වැනි මිලාද් උන් නබි දින රාජ්‍ය මහෝ­ත්ස­ව­යට ඊයේ (26) එක්වෙමිනි. මීග­මුව පෙරි­ය­මුල්ල අල්හි­ලාල් ජාතික පාස­ලේදී මේ උත්ස­වය පැවැ­ත්වුණා.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කර­මින් ජනා­ධි­ප­ති­ව­රයා මෙසේද ප්‍රකාශ කළා.

“නීතිය ඉදි­රියේ සියලු දෙනා එක හා සමා­නයි යන සහ­ති­කය ආණ්ඩුව රටට ලබාදී තිබෙ­නවා. ජාති­වාදී ගැටු­ම්ව­ලින්, බොහෝ අය ඝාත­නය වෙලා තිබෙ­නවා.

මිය ගොස් තිබෙ­නවා. යළි කිසිදා ජාති­වාදි ගැටු­මක් ඇති වෙන්නට ඉඩ නොදෙන බවට මම සහ­තික වෙනවා. බොහෝ අය ජාති­වාදි ගැටු­ම්වල වින්දි­ත­යන් වෙලා ඉන්නවා. ආණ්ඩුව විදි­ය­ටත් දේශ­පා­ලන පක්ෂ­යක් විදි­ය­ටත් ඒවාට ඉඩ නෙදෙන බව මම වග­කී­මෙන් ප්‍රකාශ කර­නවා. දියුණු රාජ්‍ය­යක් ගොඩ­න­ගන්න අපේ රටේ සම්පත් හොඳ­ටම ඇති. ඊට දමා ගත යුතු ශක්ති­මත් අත්ති­වා­රම් තිබෙ­නවා. මුලින්ම කරන්න ඕන සියලු ජාතින් සමා­නා­ත්ම­තාව ඇතිව පිහි­ටුවා ජාති­වා­දය ප්‍රති­ක්ෂේප කර ජාතික සම­ගිය ඇති කිරි­මයි. ජාතික සම­ගිය තමයි පළ­මු­වැනි කුලුන විය යුතු වන්නේ. නීතිය ඉදි­රියේ හැමෝම සමාන බව නබි­තුමා ප්‍රකාශ කළා. නීතිය පහළ අයට එක විදි­යක් ඉහළ අයට තව විදි­යක් කියලා අපේ රටේ මත­යක් තිබුණා. ඒත් නීතිය ඉදි­රියේ හැමෝම සමාන බව අපි මේ රටට පසක් කරලා තිබෙ­නවා. නීතිය ඉදි­රියේ හැමෝම සමා­නයි කියන සහ­ති­කය අපි මේ රටට දීලා තිබෙ­නවා. මේ රට⁣ බිය ගන්වන රකු­සෙක් ඉන්නවා. පොලි­සිය, රාජ්‍ය සේවය වගේම පාසල් ළමයි ඒ රකුසා බිලි­ග­න්නවා. ඒ වෙන කවු­රුත් නෙවෙයි. මත්ද්‍රව්‍ය රකුසා. කිසි­වෙක් ඉතුරු නොකර මේ රකුසා පැති­රෙ­නවා. එයින් උපයා ගන්නා අයුතු ධනය, පොලි­සිය, ආර්.එම්.වී. එක, ඉමි­ග්‍රේ­ෂන් එක වගේ වැද­ගත් ආය­තන බිලි­ග­න්නවා. මේ තත්ත්වය තව දශ­ක­යක් ක්‍රියා­ත්මක වුණොත් මුළු රාජ්‍ය යාන්ත්‍ර­ණ­යම කඩා වැටෙ­නවා. අපි එය මුලි­නු­පුටා දම­නවා. පාතා­ලය අව­සන් කරන බවට මං ජන­තා­වට පොරොන්දු වෙනවා. මේ රටේ ජන­තා­වට අග­ති­යක් වෙන තීර­ණ­යක් මං කව­දා­වත් ගන්නේ නෑ. ඒ වගේම ජන­තා­ව­ටත් මං කියන්නේ මාව විශ්වාස කරන්න. තීන්දුව ගන්න කලින් මං හොඳට හිත­නවා. ජන­තා­වගේ පැත්තෙන් හිතන්නේ. තීන්දු­වක් ගැනී­මේදී විය හැකි වාසි අවාසි, අනෙ­කුත් බාහිර සාධක, මේ සියල්ල තීන්දුව ගැනී­මට පෙර සාක­ච්ඡා­වට භාජ­නය කර­නවා.

හැම පැත්ත­කින් හැම මාන­ය­කින් තීන්දු­වක් ගැනී­මට පෙර ඒ දෙස බල­නවා. ඒත් තීන්දුව ගත් පසුව කිසි­සේත් ආපසු හර­වන්නේ නෑ. ඒ වගේම ගනු ලැබූ තීන්දු­වල යම් අඩු­වක් වෙනවා නම් ඒ වෙනස කර­න්නත් අපි කිසි­සේත්ම පැකි­ලෙන්නේ නෑ.

ඒ වගේම අපි උත්සාහ දර­නවා තව වස­රක් වගේ කෙටි කාල­යක් ඇතු­ළත රාජ්‍ය­යත් එක්ක කරන සියලු වැද­ගත් ගනු­දෙනු, සියලු වැද­ගත් ගනු­දෙනු, ගෙදර ඉඳ­ගෙන ඔන්ල­යින් හරහා කරන්න පුළු­වන් සිස්ටම් එකක් අපේ රටට ගේනවා. ඒ රාජ්‍ය සේවයේ කාර්ය­ක්ෂ­ම­තාව වැද­ගත් කඩ ඉමක්.

රාජ්‍ය සේවය අපේ රටේ ආක­ර්ෂ­ණය වෘත්තිය බවට පත් කළ යුතුව තිබෙ­නවා. ඒ සඳහා මේ වන විටත් 2025 හා 2026 වසර අපි වැටුප් වර්ධ­ක­යක් ලබා දී තිබෙ­නවා. ලබන වසරේ ජන­වාරි මාසයේ අපි යළිත් වැටුප් වර්ධ­ක­යක් ලබා දෙන්න කට­යුතු කර­මින් තිබෙ­නවා. ඉතා­මත් හොඳ සක්‍රිය රාජ්‍ය සේවා­වක් ගොඩනැඟීම අපේ අර­මු­ණයි.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *