free web stats

උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා

දුම්රියක් පීලිපැනීමකට ලක්වීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

පොල්ගහවෙල සිට මහව බලා ධාවනය වූ දුම්රියක් පොතුහැර දුම්රිය ස්ථානයේදී මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ හේතුවෙන් මාර්ගයේ ඇතිවී තිබෙන අවහිරතාව නිසා පොතුහැර දුම්රිය ස්ථානය පසුකර ධාවනය වීමට නියමිත සියලුම දුම්රිය ප්‍රමාද වී ධාවනය වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *