free web stats

මහකනදරාව වැව් බැම්මේන් හමුවූ T56 ගිනිඅවිය

මිහින්තලය, මහකනදරාව වැව් බැම්මේ හිමිකරුවෙකු නොමැතිව තිබූ පාර්සලයක තිබී T56 වර්ගයේ ගිනිඅවියක්, ඊට යොදන මැගසින් 04ක් සහ පතරොම් 25ක් සොයාගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

එම ස්ථානය සැකසහිත පාර්සලයක් තිබනෙ බවට ඊයේ (4) ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ මිහින්තලය පොලිසියේ නිලධාරී කණ්ඩායමක් සිදුකළ සොයාබැලීමේදී මෙම ගිනිඅවිය ඇතුළු පතරොම් තොගය සොයාගෙන ඇත.

ගිනිඅවිය සහ පතරොම් තොගය එම ස්ථානයට ගෙනවිත් දැමූ තැනැත්තන් කවුරුන්ද අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *