free web stats

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විශ්‍රාම යයි

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නීතිඥ ආචාර්යය අජිත් රෝහණ මහතා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අද (08) විශ්‍රාම ගනු ලැබුවා.

ඒ වසර තිස් අටක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසුවයි.

ඒ මහතගේ විශ්‍රාමයාම නිමිත්තෙන් කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී පොලිස් ආචාර පෙළපාලියක් පැවැත්වුණා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ආචාර්ය අජිත් රෝහණ මහතා ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ලාබාලතම නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඉතිහාසයට එක්වේ,

නීතිවේදී (LL.B) සහ නීතිඥවරයෙකු මෙන්ම මහජන ගෞරවයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

කොවිඩ්-19 වසංගත සමයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සුවිශේෂී සන්නිවේදන කාර්යභාරයක් ඉටුකළ ඔහු, තම වෘත්තීය නිපුණතාවය සහ සරල, මිත්‍රශීලී ගුණාංග නිසා ජනතාව අතර බෙහෙවින් ප්‍රසිද්ධියට පත් විය.

අවිස්සාවේල්ලේ, කොස්ගම උපත ලැබූ ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර පාසල් අවධියේදී කැපී පෙනෙන දක්ෂ කථිකයෙකු විය.

ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබාගත් අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ද වේ.

එසේම 2020 වසරේදී ඔහුට පොදු මහජන සේවය උදෙසා සම්මානනීය ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම දකුණු, වයඹ සහ නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ඔහු විවිධ තනතුරු දරා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *