අස්වැසුම දීමනාව අද බැංකුවට
2026 සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව අද (16) ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ නිවේදනයක් නිකුත් කරමින්.
ඒ අනුව අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ 2026 සැප්තැම්බර් මාසයට අදාළව පළමු අදියරේ ප්රතිලාභී පවුල් 992,053 කට රු. 9,181,696,250.00 ක මුදලක් හා දෙවන අදියරේ ප්රතිලාභී පවුල් 213,335 කට රු. 2,120,856,250.00ක මුදලක් අද (16) අදාළ ප්රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතයි.
අදාළ ප්රතිලාභීන්ට තම ප්රතිලාභී මුදල් හෙට ( 17) සිට අස්වැසුම බැංකු ගිණුම් මගින් ලබාගත හැක.


