free web stats

එංගලන්තය හමුවේ ලංකාවට අත්වු පරාජය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු 20-20 ක්‍රිකට් තරගය ලකුණු 119 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 254 ලබා ගැනීමට සමත්වුණා.

එහිදී එංගලන්ත කණ්ඩායම වෙයනුවෙන් නොදැවී ලකුණු 114ක් රැස්කිරීමට නායක Harry Brook සමත් වුණා.

Jos Buttler පන්දු 44කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 80ක්.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19ක් ඇතුළත සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 24ක් රැස් කළ අතර දුනිත් වෙල්ලාලගේ ලකුණු 33ක් රැස්කර ගැනීමට සමත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *