free web stats

යෝෂිත සහ කරන්නාගොඩගේ අල්ලස් නඩුව කැඳවයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා තිබෙනවා.

එම අවස්ථාවේදී ඇපමත මුදා හැර සිටින විත්තිකරුවන් වන වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නඩු කටයුත්ත පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවන මෙන් නියම කර තිබේ.

නිසි සුදුසුකම් සපුරා නොතිබියදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පුහුණුවකට යැවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *