පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් ප්රකාශයට පත්කෙරේ – Update
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනාට වසර 220ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම පැනවීමට කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය අද (22) නියම කළා.
ඒ පුද්ගලයින් 269 දෙනෙකුට දිවි අහිමි කරමින් සහ තවත් 500කට අධික පිරිසකට තුවාල සිදුකළ පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට අදාළ නඩු විභාගයේ අවසන් තීන්දුවට ප්රකාරව දඬුවම් නියම කිරීම ප්රකාශයට පත්කරමින්.
කෙසේවෙතත් ඊට අදාළව චෝදනා එල්ලව සිටි තවත් විත්තිකරුවන් 9 දෙනකු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.
පාස්කු මහ නඩුව : 15 දෙනෙකු වරදකරුවන්, 9 දෙනෙකු නිදොස් කොට නිදහස් – Update
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ තීන්දුව ප්රකාශයට පත් කිරීම අවසන් වෙයි.
විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබෙනවා.. එමෙන්ම 15 දෙනෙකු වරදකරුවන් කෙරුණු අතර, දඬුවම් නියම කිරීම තව සුළු මොහොතකින් සිදු කරනු ලබයි.
පාස්කු නඩුවේ සැකකරුවන් අධිකරණයට රැගෙන එයි
2019 වසරේ පාස්කු ඉරිදා එල්ල වූ ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් වන ප්රධාන නඩුවේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් මේ වනවිට අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය එල්ල කර මිනිස් ඝාතන සිදුකිරීම, බරපතල තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නීතිපතිවරයා විසින් නඩුව ගොනු කර තිබෙනවා
මෙම නඩුවේ තීන්දුව කොළඹ ත්රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් අද (22) ප්රකාශයට පත් කිරීමට නියමිතයි.

