free web stats

22 ක බහුතර ඡන්දයෙන් සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

එහිදී ඊට පක්ෂව ඡන්ද 158 ක් සහ විපක්ෂව ඡන්ද 63ක් හිමිවිය.

විපක්ෂය ඇතුළු සිවිල් සමාජවල විරෝධය මැද මෙය සම්මත කර ගැනීමට සිදුවිය.

මෙම පනත් කෙටුම්පත්වල ඇති කරුණු අභියෝග කරමින් පෙත්සම් රැසක් සහ ඊට සහාය පළකරමින් අතරමැදි පෙත්සම් ඇතුළුව පෙත්සම් රැසක් ඉදිරිපත් විය.

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය පසුගිය 22වන අඟහරුවාදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එහිදී 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් පමණක් එය සම්මත කිරීම ප්‍රමාණවත් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණා.

ඒ අනුව එම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය ඊයේ (24) සහ අද (25) පැවැත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *