free web stats

ශෂී වීරවංශට එරෙහි නඩුව කැඳවීමට දිනදෙයි

අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරුවී සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට අදාල නඩුකරය ඔක්තෝබර් මස 12 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද (29) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඒ අවස්ථාවේදී සිරදඬුවම් නියම වී මේ වන විට ඇපමත මුදාහැර සිටින ශෂී වීරවංශ මහත්මිය ද අධිකරණයේ පෙනී සිටියා.

තමන්ට නියමවී ඇති සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින්ද තහවුරු කර ඇති බවත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් මෙහිදී ප්‍රකාශ වී තිබෙනවා.

ඒ අනුව එම අභියාචනයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය සටහන් ඉදිරිපත් කර නොමැති අතර ඒවා ඉදිරිපත් කිරීම සඳහා මහෙස්ත්‍රාත්වරයා විසින් කල් ලබාදීම සිදුකළා.

ඒ අනුව අදාළ පැමිණිල්ල ඔක්තෝබර් මස 12 වනදා කැඳවන ලෙසත් නියම කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *