free web stats

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උලළේ අවසන් පූර්ව වටයට

ආසියානු ක්‍රීඩා උලළේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ අර්ධ අවසන් පූර්ව තරගය දැඩි වර්ෂාව හේතුවෙන් එක් පන්දුවක් හෝ යැවීමකින් තොරව අත්හැර දැමීමට සිදුවුණා.

අයිචි–නාගෝයාහි නිෂිං හි පිහිටි කුරෝගි ක්‍රීඩා උද්‍යානය වෙත අඛණ්ඩව ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණය ජලයෙන් යටවීමත් සමග තරගය ජපාන වේලාවෙන් පෙරවරු 8.20ට නිල වශයෙන් අත්හැර දැමීමටයි තීරණය කෙරුණා.

තරගාවලි නීති අනුව, තරගය පැවැත්වීමට නොහැකි වූ අවස්ථාවක ඉහළ ශ්‍රේණිගත කිරීමක් සහිත කණ්ඩායමට ඉදිරියට යාමේ අවස්ථාව හිමිවීම හේතුවෙන් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම් දිනාගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *