free web stats

2027 ලෝක කුසලානයේ තරග කාලසටහන එළිදැක්වේ

2027 ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ කාණ්ඩ සහ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන එළැඹෙන එක්දින ලෝක කුසලානය 2027 වසරේ ඔක්තෝබර් 2 වැනිදා සිට නොවැම්බර් 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් 14ක් සහභාගි වන තරගාවලියේ කණ්ඩායම් 7 බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ මූලික වටයේ තරග පැවැත්වේ.

ශ්‍රී ලංකාව B කාණ්ඩයට ඇතුළත් කර ඇති අතර, එම කාණ්ඩයට බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය ඇතුළත් වේ.

එම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාලියෙන් තේරීපත්වීමට නියමිතයි.

A කාණ්ඩයට ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ ඇතුළත් වන අතර, අනෙක් ස්ථානය සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ජය ගන්නා කණ්ඩායමට හිමි වේ.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් 17 වැනිදා කේප් ටවුන්හිදීත්, දෙවැනි අවසන් පූර්ව තරගය නොවැම්බර් 18 වැනිදා ට්ෂ්වානේහිදීත් පැවැත්වීමට නියමිතයි.

2027 ලෝක කුසලාන අවසන් මහා තරගය නොවැම්බර් 21 වැනිදා ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *