තෙල් නෞකාවකට ප්රහාරයක්
මැදපෙරදිග කලාපයේ උණුසුම්කාරී තත්ත්වය තවත් තීව්ර කරමින් හෝමූස් සමුද්ර සන්ධියහරහා ගමන් කරමින් තිබූ දැවැන්ත තෙල් ප්රවාහන නෞකාවකට ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
බැරල් මිලියන 2.5ක ධාරිතාවකින් යුත් මෙම තෙල් නෞකාව තුළ ගින්නක් ද හටගෙන තිබෙන බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
මේ අතර ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් මැදපෙරදිග කලාපය වෙත අතිරේක නාවික භටයින් 2,000ක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.
අල් ජසීරා පුවත් සේවයට අදහස් දක්වමින් ඇමෙරිකානු නිලධාරියෙකු ප්රකාශ කර ඇත්තේ ගුවන් යානා ප්රවාහක නෞකා තුනක් සහ ගොඩබිම් මෙහෙයුම් සඳහා යොදාගන්නා නාවික කණ්ඩායම් දෙකක් ඉරානය ආශ්රිත කලාපය වෙත මේ වනවිට යොමු කරමින් පවතින බවයි.

