free web stats

කථානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම අදින් ඇරඹේ

‍කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා භාරදීමට තීරණය කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙනවා.

චෝදනා 49ක් සම්බන්ධයෙන් කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව සකස් කර ඇති අතර ඊට අත්සන් කිරීමේ කටයුතු අද (06) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

කථානායකවරයාට එරෙහි විෂ්වාසභංග යෝජනාව ගෙන ඒමට පෙර ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *