free web stats

ඉන්දීය ජනප්‍රිය නළු නානා පටේකාර් මියයයි

ප්‍රවීණ ඉන්දීය නළුවෙකු මෙන්ම චිත්‍රපට නිර්මාණකරුවෙකු වූ නානා පටේකාර් ගෝවා හි පිහිටි සිය නිවසේ දී හෘදයාබාධයකට ලක්ව අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 75 වන වියේ පසුවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජාතික සම්මානලාභී රංගන ශිල්පියෙකු වූ ඔහු හින්දි සහ මරාටි සිනමාවේ අතිශය සම්භාවනාවට මෙන්ම ගෞරවයට පාත්‍ර වූ විශිෂ්ටතම නළුවෙකි.

මෙම අකල් වියෝව සැලවීමත් සමඟ සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, සගයන් මෙන්ම ලොව පුරා විසිරී සිටින ඔහුගේ රසිකයන්ද දැඩි කම්පනයට හා ශෝකයට පත්ව සිටියි.

නානා පටේකාර් චිත්‍රපට, රංගකලාව සහ රූපවාහිනි නිර්මාණ ඔස්සේ දශක ගණනාවක් පුරා අතිදක්ෂ රංගන පෞරුෂයක් ගොඩනඟාගෙන සිටි නළුවෙකි.

1951 ජනවාරි 1 වන දින මහාරාෂ්ට්‍රයේ උපත ලැබූ නානා පටේකාර්, තමන් සතු තියුණු රංගන ශෛලිය, දෙබස් උච්චාරණය සහ සංකීර්ණ චරිත නිරූපණය සඳහා ඉන්දීය සිනමාව තුළ ප්‍රසිද්ධත්වයක් උසුලයි.

1978 දී ‘Gaman’ චිත්‍රපටයෙන් බොලිවුඩ් සිනමාවට පිවිසි ඔහු Housefull 5 චිත්‍රපටයේ ද සහායක චරිතයක් නිරූපණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *