පාගමනට එක්වූ පුද්ගලයකුට පහර දුන්නේ යැයි පැවසෙන වීඩියෝවේ කරුණු අසත්යයි
රථවාහන තදබදයකදී යතුරුපැදිකරුවකු සමග ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පහරකෑමකට ලක්වූ පුද්ගලයෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම පහරකෑමට ලක් වූ පුද්ගලයා පාගමනට සම්බන්ධ පුද්ගලයෙකු නොවන බවයි පොලීසියට ප්රකාශයක් දෙමින් ඔහු පවසා ඇත්තේ.
ඔහු පෞද්ගලික අවශ්යතාවක් සඳහා ලොරි රථයකින් ගමන් කරමින් සිටියදී රථවාහන තදබදයක් අතරතුර යතුරුපැදිකරුවෙකු සමග ඇති වූ ආරවුලකදී පහරකෑමට ලක්ව තිබුණා.
පහරදුන් පුද්ගලයා ගම්පහ රෝහලේ ප්රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරනවා.
මහජන නොසන්සුන්තාව සහ කැළඹීම් ඇති වන පරිදි අසත්ය තොරතුරු ප්රචාරය කිරීම සම්බන්ධයෙන් වීරගුල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි සඳහන්.

