බහාලුම් නෞකා දෙකක් විනාශ කෙරේ
හෝමූස් සමුද්ර සන්ධිය හරහා යාත්රා කරමින් තිබු භාණ්ඩ ප්රවාහන නෞකා දෙකකට ප්රහාර එල්ල වී තිබෙනවා.
ප්රහාරයට ලක් වූ එක් නෞකාවක් ගිනිගෙන මුහුදුබත්ව ඇති අතර අනෙක් නෞකාවේ බඳ කොටසට හානි සිදු වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
සිංගප්පූර්වේ ලියාපදිංචි නෞකා දෙකක් මෙලෙස ප්රහාරයට ලක්ව තිබෙනවා.
අදාළ නෞකාවල කාර්යය මණ්ඩලය ආරක්ෂිතව ඉවත් කරගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වන්නේ.
මේ අතර සෞදි අරාබියේ ගුවන්තොටුපොල සහ තෙල් සැපයුම් මධ්යස්ථාන වෙත ඉදිරි දිනවල දැවැන්ත ප්රහාර එල්ල කරන බව හූති කැරලිකරුවන් ප්රකාශ කර තිබෙනවා.
යේමනයට එල්ල වු සෞදි ප්රහාරවලට පලිගැනීමක් වශයෙන් මෙම ප්රහාර එල්ල කරන බව හූති කැරලිකරුවන් ප්රකාශ කර ඇත.

