free web stats

ශ්‍රී ලංකාව හරහා ගිය පාකිස්තාන හොර බඩු ජාවාරමක තොරතුරු හෙළිවෙයි

ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට ව්‍යාජ ලියකියවිලි මගින් පාකිස්තාන භාණ්ඩ ආනයනය කරන ජාවාරමක තොරතුරු ඉන්දියාවේ ආදායම් බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

අදාළ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පාකිස්තානයේ සිට ඉන්දියාවට භාණ්ඩ ආනයනය තහනම් කර තිබියදී, ශ්‍රී ලංකාව හරහා ව්‍යාජ වෙළෙඳ ලේඛණ භාවිත කරමින් පාකිස්තානයට අයත් ඛණිජ ද්‍රව්‍ය, ලුණු, කිලෝග්‍රෑම් ලක්ෂ 73කට අධික ප්‍රමාණයක් මෙලෙස ආනයනය කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සැප්තැම්බර් 26 වන දින සහ ඔක්තෝබර් 11 වන දින අතර කාලය තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම භාණ්ඩ සොයාගෙන ඇති අතර ආනයනකරුවන් 9 දෙනෙකු විසින් පසුගිය මාර්තු මාසයේ සිට බහලුම් 295කින් මෙම භාණ්ඩ තොගය ඉන්දියාවට ආනයනය කර ඇති බව සඳහන්.

ඉන්දියාවේ මුන්ද්‍රා සහ කන්ඩිලා වරායන්වලින් ආනයනය කර ඇති අදාළ භාණ්ඩ තොගයේ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 30කට අධික බව වාර්තා වනවා.

එක්සත් අරාබි එමිර් රාජ්‍ය පදනම් කරගත් ආයතනයක් විසින් කොළඹ වරාය හරහා මෙම භාණ්ඩ තොගය ඉන්දියාව වෙත අපනයනය කර ඇති බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *