ඇප මත මුදා හැරීමෙන් පසු ශිරන්ති අද පෞද්ගලික රෝහලකට
ඇප මත මුදා හැරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ නවලෝක රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
රෝහල් ආරංචි මාර්ග තහවුරු කළ පරිදි, ඇයගේ සෞඛ්ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්යවරුන්ගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇත.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය මීට පෙර අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද අතර, එම අවස්ථාවේදී හටගත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
ජාතික රෝහලේ තාවකාලික ප්රතිකාර ලබමින් සිටි ඇය, පසුව මෙලෙස පෞද්ගලික රෝහලක් වන නවලෝක රෝහල වෙත වැඩිදුර වෛද්ය පරීක්ෂණ සහ ප්රතිකාර සඳහා මාරු කර යවා ඇති බව වාර්තා වේ.

