මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද මෙරටට
මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (18) මෙරටට ළඟා වීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, එම ගෑස් තොගය ගොඩබෑමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව සමාගම පවසයි.
මෙම ගෑස් තොගය ලැබීමත් සමඟ ඉදිරි දින තුන තුළ තවත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 350,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව ලිට්රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කර සිට්යි.
රට තුළ ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමේ පියවරක් ලෙස අද (18) දිනය ඇතුළු ගෙවුණු තෙදින තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 350,000ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව ද එම සමාගම පවසයි.
එබැවින්, අනවශ්ය ලෙස ගෑස් තොග රැස් කිරීමෙන් වැළකී සිටින ලෙස ලිට්රෝ ගෑස් ලංකා සමාගම පාරිභෝගිකයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

