free web stats

හපුතලේ නිවාස දෙකකට පස් කඳු කඩා වැටෙයි

ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ හපුතලේ නගරයේ දුම්රිය මාර්ගය ආසන්නයේ පිහිටි නිවාස දෙකකට පස් කඳු කඩා වැටී තිබෙනවා.

මෙම සිදුවීමෙන් අදාළ නිවාස දෙකට අර්ධ වශයෙන් හානි සිදුව ඇති බව වාර්තා වන්නේ.

කෙසේවෙතත්, මෙම අනතුරින් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව අප වාර්තාකරු පැවසූවා.

මේ අතර පවතින තද වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන මාර්ගවල ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති අතර, මාර්ගයේ ධාවනය වූ ත්‍රිරෝද රථයකට ගල් පෙරළීමෙන් හානි සිදුවි තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *