free web stats

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට

ලංකාවේ විශාලම වන අලියෙකු ලෙස සැලකෙන කාවන්තිස්ස හස්තියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරියෙකු ඇතුළු සැකකරුවන් හය දෙනෙකු ගිනි අවි දෙකක් සහ උණ්ඩ 24 ක් සමග අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකාය සඳහන් කරනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇහැටුවැව ප්‍රදේශයේ පදිංචි 34 ත් 67 ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් පිරිසක්.

අත්අඩංගුවට ගත් නිපුණතා සංවර්ධන නිලධාරියා මීට මාස හතරකට පමණ පෙර එම වනාන්තරයේ විසූ ඩයනා නමැති ඇතින්නටද වෙඩි තබා ඝාතනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී මුව මස් කිලෝ තුනක්, ඉත්තෑ මස් කිලෝවක් ද පොලිසිය භාරයට ගෙන ඇති බවයි වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකාය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ගල්ගමුව වනජීවී කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *