free web stats

වාහන 8ක් ගැටුණු අකුරණ මාරක අනතුර

අකුරණ, කුරුගොඩ හන්දිය ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද (19) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරනවා.

සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

අනතුරින් ත්‍රිරෝද රථ, ලොරි රථ සහ යතුරුපැදි ඇතුළු වාහන අටකට පමණ හානි සිදුව ඇති බව වාර්තා වේ.

එමෙන්ම, මේ හේතුවෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි පදිකයන් කිහිපදෙනෙකු ද අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සිව්දෙනා අතර කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සිටින බවද සඳහන් වේ.

තුවාල ලැබූවන් අකුරණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *