free web stats

පාස්කු විමර්ශන ඉක්මනින් අවසන් කරනවා

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන තවත් කෙටි කාලයක් තුළ සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ඊයේ (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම විමර්ශන මේ වනවිට සාර්ථකව ඉදිරියට ගොස් යම් ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි.

එමෙන්ම, ඉදිරියටත් විමර්ශන නිවැරදිව සිදු කිරීම සඳහා පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කරන බවද ඔහු පැවසූවා.

මෙම විමර්ශන සම්බන්ධයෙන් අධිකරණයටද කරුණු වාර්තා කර ඇති අතර, තවත් කෙටි කාලයක් තුළ ඒවා සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇති බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කළා.

එසේම, පාස්කු ප්‍රහාරය පමණක් නොව, රට තුළ සිදු වූ සියලුම නීතිවිරෝධී ක්‍රියාකාරකම්, අල්ලස්, දූෂණ, වංචා සහ මූල්‍ය අවභාවිතාවන් සම්බන්ධයෙන්ද විමර්ශන පූර්ණ විනිවිදභාවයෙන් යුතුව, ජනතා විශ්වාසය ආරක්ෂා වන ආකාරයට සිදුකරන බවද ඔහු අවධාරණය කළා.

මේ අතර, මෙවර මැයි දිනය වෙනුවෙන් රටපුරා පැවැත්වීමට නියමිත සියලුම මැයි රැලි සඳහා අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් සූදානම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *