මහින්ද වත්කම්-බැරකම් භාගයක් අල්ලස් කොමිසමට දෙයි
වත්කම් බැරකම් ලබා දෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කළ දැනුම් දීම අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය වත්කම් බැරකම්වල විස්තරවලින් කොටසක් පමණක් ඇතුළත් කර දිවුරුම් ප්රකාශයක් මඟින් අල්ලස් කොමිසමට පසුගිය 10දා භාර දී තිබෙනවා.
මෙම ලේඛනය භාර දීම සඳහා අදාළ කොමිසම විසින් ලබා දී තිබූ දින 14ක කාලසීමාව පසුගිය 10 වැනිදා අවසන් වූ අතර ඉතිරි ලේඛන භාර දීමට හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමෙන් කාලය ඉල්ලා ඇත.
ඒ අනුව ඉදිරියේදී අනෙකුත් ලේඛන භාර දුන් පසුව ඊට අදාළ විමර්ශන ආරම්භ කරන බව අල්ලස් කොමිසම පැවසූවා.

