free web stats

විස්සයි20 ලෝක කුස­ලා­නයේ තරග පාවා­දී­මක්

ශ්‍රී ලංකාවේ හා ඉන්දියා‍වේ සත්කා­ර­ක­ත්ව­යෙන් පැවති විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යේදී කැන­ඩාව හා නව­සී­ල­න්තය අතර පැවති තර­ගයේ පාවා­දී­මක් සිදු වූ බවට වාර්තා වෙනවා.

මේ තරග පාවා­දීමේ වංචා­වට කැනඩා රජය විසින් ත්‍රස්ත­වාදී සංවි­ධා­න­යක් ලෙස තහ­නම් කොට ඇති ප්‍රචණ්ඩ අප­රාධ සංවි­ධා­න­යක් වූ ලෝරන්ස් බිෂ්නෝයි කල්ලිය හා කැනඩා ක්‍රිකට් නායක දිල්ප්‍රීත් බජ්වා සම්බන්ධ වී ඇති බවට කරුණු අනා­ව­ර­ණය වෙමින් පවතිනවා.

අයි­සීසී දූෂණ විරෝධී ඒක­කය මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කර­මින් සිටින අතර, නායක දිල්ප්‍රීත් බජ්වා පරී­ක්ෂා­වට ලක් කොට ඔහුගේ ජංගම දුර­ක­ත­නය පවා භාර­යට ගත් බව කැනඩා ක්‍රිකට් ආය­ත­නය කරුණු හෙළි කළා.

මෑත­කදී කැන­ඩාවේ විකා­ශය වූ දූෂ­ණය, අප­රාධ සහ ක්‍රිකට් යන මිනිත්තු 43ක වාර්තා චිත්‍ර­ප­ට­ය­කින් හෙළි­ක­රන ලද තොර­තුරු මත පද­නම්ව අයි­සීසී දූෂණ විරෝධී ඒක­කය විම­ර්ශන ආරම්භ කළ අතර, කැනඩා ක්‍රිකට් ආය­ත­නය ද වෙනම පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කොට තිබෙනවා.

මේ වාර්තා චිත්‍ර­ප­ට­යෙන් හෙළි වන්නේ කැනඩා නායක දිල්ප්‍රීත් බජ්වා නව­සී­ල­න්ත­යට එරෙහි තර­ග­යේදී වැඩි ලකුණු ප්‍රමා­ණ­යක් දුන් හා අසා­මාන්‍ය ඕව­ර­යක් යැවූ විට මුලින්ම සැක­යට භාජ­නය වූ බවයි.

පසු­ගිය පෙබ­ර­වාරි 17දා චෙන්නායි එම්ඒ චිද­ම්බ­රම් ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවති කැන­ඩාව සහ නව­සී­ල­න්තය අතර තර­ගයේ පළ­මු­වෙන් පන්දු­වට පහර දුන් කැන­ඩාව කඩුලු හත­රක් දැවී ලකුණු 173ක් ලබා­ගත් අතර, නව­සී­ල­න්තය පහ­සු­වෙන් ඕවර 15.1කින් ඉල­ක්කය හඹා ගොස් කඩුලු අට­කින් ජය­ග්‍ර­හ­ණය කර සුපිරි 8 වට­යට සුදු­සු­කම් ලැබුවා.

නව­සී­ලන්ත ඉනිමේ පස්වැනි ඕව­රය කැනඩා නායක දිල්ප්‍රීත් බජ්වා යැවූ අතර, ඔහු එම ඕව­ර­යේදී නෝ බෝල­යක් සහ වයිඩ් එකක් සමඟ ලකුණු 15ක් ලබා දුන්නා. ඒ වන විට නව­සී­ල­න්තයේ ලකුණු සංඛ්‍යාව කඩුලු 2ක් දැවී ලකුණු 35ක් විය.

ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට සති තුන­කට පෙර දිල්ප්‍රීත් බජ්වා නාය­ක­ත්ව­යට පත්වීම සම්බ­න්ධ­යෙන් ද මත­භේ­ද­යක් පවතිනවා.

වාර්තා­වන අන්දමට, බජ්වා කණ්ඩා­යමේ නාය­ක­ත්ව­යට පත්කි­රීම සඳහා ලෝරන්ස් බිෂ්නෝයි කල්ලිය භූමි­කා­වක් ඉටු­කොට තිබෙනවා.

පසු­ගිය වසරේ ජූලි මාස­යේදී, බ්‍රිතාන්‍ය සරේහි අව­න්හ­ලක ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් 25ක් පමණ සිටි අව­ස්ථා­වක බිෂ්නෝයි කල්ලියේ සාමා­ජි­ක­යන් යැයි කියා ගන්නා දෙදෙ­නකු කැනඩා ක්‍රිකට් කණ්ඩා­යමේ ක්‍රීඩ­ක­ය­කුට තර්ජ­නය කළ සිද්ධි­යක්ද අනා­ව­ර­ණ­වය වී ඇත.

කැනඩා හිටපු පුහු­ණු­ක­රු­වකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දස­නා­යක ද කල­කට පෙර කැනඩා ක්‍රිකට් වෙතට චෝදනා එල්ල කර තිබුණා. 2024 විස්සයි20 ලෝක කුස­ලා­න­යට පෙර කණ්ඩා­යම තෝරා ගැනීම සම්බ­න්ධ­යෙන් තමාට බල­පෑම් එල්ල වූ බව ඔහු පවසම්න්.

ඒ සමඟ වැරදි ලෙස සේව­යෙන් පහ කිරීම සම්බ­න්ධ­යෙන් ඔහු දැනට කැනඩා ක්‍රිකට් ආය­ත­න­යට එරෙ­හිව නඩු පවරා ඇතැයි ද වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *