free web stats

රාජස්ථාන් කණ්ඩායම මිලදී ගැනීමට බිලියනපති දෙපළක් සූදානම්

කුමාර් සංගක්කාරගේ පුහුණුකාරිත්වයෙන් යුත් රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ පාලනාධිකාරියට අයත් බහුතර කොටස් අත්පත් කරගැනීමට බිලියනපති දෙපළක් කැමැත්ත පළකර තිබෙ­නවා.

ඒ අනුව ඉන්දීය බිලියනපති, වානේ ව්‍යාපාරික ලක්ෂ්මි මිට්ටාල් සහ එන්නත් ව්‍යාපාරික අදාර් පූනවල්ලා මෙලෙස ඉදිරිපත් වී සිටින අතර, ඔවුන් අමෙරිකානු ඩොලර් බිලියන 1.65කට රාජස්ථාන් මිලදී ගැනීමට කැමැත්ත පළකර ඇති බව සඳහන්වේ.

ඔවුන් මිලදී ගැනීමට සූදානම් වටිනාකමේ මෙරට අගය රුපියල් බිලියන 527.45ක් නොහොත් රුපියල් කෝටි පනස් දෙදෙහසකට (52,745.5)කට අධිකයි.

මෙහිදී මිට්ටාල් සහ ඔහුගේ පවුලේ අයට රාජස්ථාන් කණ්ඩායමෙන් බහුතර අයිතියක් එනම්, 75%ක අයිතියකට හිමිකම් කීමට අවස්ථාව උදාවේ.

එමෙන්ම පූනවල්ලාටද 18% අයිතියක් හිමිවන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

කෙසේ නමුත් රාජස්ථාන් හවුල්කරුවෙකු වන මනෝජ් බඩලේ ඇතුළු දැනට සිටින ආයෝජකයින් තම 7%ක පමණ වන කොටස් අයිතිය තවදුරටත් රඳවාගැනීමට තීරණය කර තිබේ.

ඒ අනුව මෙම වෙළෙඳ ගනුදෙනුවට නිල අනුමැතිය හිමිවීමෙන් අනතුරුව ඔවුන්ට රාජස්ථාන් රෝයල්ස් සන්නායම යටතේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ‘SA20’ තරගාවලියේ පාල් රෝයල්ස් සහ CPL තරගාවලියේ ‘බාබඩෝස් රෝයල්ස්’ කණ්ඩාම්වල අයිතියට හිමිකම් කීමටද අවස්ථාව හිමිවේ.

කෙසේ නමුත් මෙම ගනුදෙනුව සම්පූර්ණවීමට නම් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) අනුමැතිය ගතයුතු අතර, තවත් ආයතන කිහිපයකම නියාමන රෙගුලාසිවලට යටත්විය යුතුය.

ඉන් අනතුරුව මිට්ටල්, ඔහුගේ පුත් ආදිත්‍ය සහ දියණිය වනීෂාට, පූනවල්ලා සහ බඩලේ යන අයට රාජස්ථාන් රෝයල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වීමට අවස්ථාව උදාවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *