මාලදිවයිනය සමග අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබේ
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති රාජ්‍ය නායක හමුවෙන් පසුව අවබෝධතා ගිවිසුම් 7ක් සඳහා අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය , ක්‍රීඩා, තරුණ සංවර්ධනය, ලේඛනාගාර, ආරක්ෂක අංශ යන කේෂ්ත්‍රවල සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුම්වලට මෙලෙස අත්සන් තබා ඇති බවද සඳහන්වේ.

