එමිරේට්ස් ප්‍රහාරය රටවල් රැසක් හෙළා දකී
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තෙල් ගබඩා පර්යන්තයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය හෙළා දකින බවට රටවල් රැසකින් නිවේදනය කර තිබෙනවා.
ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරිමට එමිරේට්ස් රාජ්‍යය ගන්නා ඕනෑම පියවරක් සඳහා පූර්ණ සහයෝගය පළ කරමින් සවුදි අරාබිය සහ කටාර් රාජ්‍යය නිවේදන නිකුත් කර ඇති අතර, එය නින්දිත ආක්‍රමණයක් බව ප්‍රකාශ කරමින් බහරේන් රාජ්‍යය නිවේදනය කර ඇත්තේ කලාපයේ ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට එල්ල වූ භයානක සිදුවීමක් බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමැති ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියන් වෙත දුරකතන ඇමැතුමක් ලබා දුන් ජෝර්දාන විදේශ ඇමැති අයිමාන් සෆාඩි ප්‍රහාරය තරයේම හෙළා දකින බව ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වෙනවා.
කැනඩාව, ජර්මනිය සහ බ්‍රිතාන්‍ය රජයන් ද ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කර ඇති අතර, අමෙරිකාව සමඟ නැවත සාකච්ඡා ආරම්භ කරන ලෙසත්, කලාපීය ගැටුම් උත්සන්න වීමෙන් වළක්වාගැනීමට පියවර ගන්නා ලෙසත් ඉරාන රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එමිරේට්ස් තෙල් ගබඩා පර්යන්තයට එල්ල කළ ප්‍රහාරය ස්වෛරීභාවය සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව යුරෝපා සංගමයේ සභාපතිනිය උර්සුලා වොන් ඩර් ලේයන් ප්‍රකාශ කර තිබෙනවා.

