වැට් බද්දෙහි වැඩි වීමක් සිදු වන්නේ නෑ
සාමාන්‍ය ජනතාව කෙරෙහි බලපාන සියයට 18 වැට් බද්ද ඒ ආකාරයට සීමා වී පවතින අතර එහි වැඩි වීමක් සිදු නොවන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) පැවසූවා.
“ඍජු විදේශ ආයෝජන මෙරටට කැන්දා ගැනීම මේ සියලු සංශෝධනවල අරමුණ වෙනවා. පසුගිය කාලයේ ගැසට් පත්‍රයක් නිකුත් කළා. වැට් බදු අනුපාතය සියයට 20.5ක් දක්වා ඉහළ නංවන්න හදනවා කියලා මතයක් සමාජය තුළ හදලා තිබෙනවා. බදු පදනම පුළුල් කිරීම තුළින් ආදායම් සකස් කර ගන්නවා. ඒ වගේම ඉදිරි කාලයේදී බදු අඩු කර ජනතාවට සහන දෙන්න කටයුතු කරනවා. සමාජ ආරක්ෂණ බද්දෙන් ජූනි මස සිට මූල්‍ය ආයතනයක් හෝ බැංකු නිදහස් වෙනවා. පැවැති බදු ක්‍රමය තුළ සංකීර්ණභාවය අඩු කිරීමට අපි කටයුතු කළා. ඒ සංශෝධන වැරදි අර්ථකථනයක් කරන්න ඇතැමුන් උත්සාහ කරනවා. බදු වර්ග දෙකක් තිබූ එක තනි බද්දක් බවට පත් කිරීම මේ සංශෝධනය මඟින් සිදු කරනවා. නව සංශෝධනවලින් කරන්නේ බදු පරිපාලනය සඳහා තාක්ෂණය සම්බන්ධ කර ගැනීමට අපි කටයුතු කරනවා. ඔටෝ මේට් කරන්න එමඟින් සැලසුම් කරනවා.”

