free web stats

ගම්මන්පිල කුලියාපිටිය පොලීසියට

මහා භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (9) උදෑසන කුලියාපිටිය පොලිසිය වෙත පැමිණියා.

අදාළ මරණ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ගම්මන්පිල මහතා පසුගියදා මතභේදාත්මක කරුණු කිහිපයක් අනාවරණය කර තිබුණා.

ඒ පිළිබඳ කරුණු දැක්වීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බව සඳහන්වේ.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, එම නිලධාරියා සියදිවි හානි කරගත්තාද ? නැතහොත් සියදිවි හානිකරගත්තා සේ පෙනෙන අයුරුන් පිහියකින් කැපුවාද? යන්නයි.

එමෙන්ම තවත් කරුණු කිහිපයක්ම එහිදී අනාවරණය කළ ඔහු, තොරතුරු ලැබීමටත් පෙර එම මරණය සියදිවි හානිකරගැනීමක් විය හැකියැයි බවට පරීක්ෂණ මණ්ඩලය නිගමනය කළේ ඇයි දැයි ප්‍රශ්න කළා.

කෙසේ නමුත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, එය අසත්‍ය ප්‍රකාශයක් බවයි.

එමෙන්ම අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරන බවත් එහිදී සඳහන් තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *