තුර්කි රූ රැජින තරගාවලියට සහභාගී වන වෛද්‍ය දෙවීනා නවීක්ෂි
තුර්කියේ අන්තාලියා නුවර පැවැත්වෙන “මිස් අවුරා ඉන්ටර්නැෂනල්” (Miss Aura International) 2026 රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෛද්‍ය දෙවීනා නවීක්ෂි අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ලෝකයේ රටවල් 50ක් නියෝජනය කරන රූ රැජිනියන් මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතයි.
මෙම ජාත්‍යන්තර රූ රැජින තරගාවලිය මැයි මස 10 වනදා සිට මැයි මස 22 වනදා දක්වා තුර්කියේදී පැවැත් වෙනවා.
ශ්‍රී ලංකාව නියෝජනය කරන දෙවීනා නවීක්ෂි වෘත්තියෙන් වෛද්‍යවරියක වීම විශේෂත්වයක් වන අතර, ඇය එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-649 දරන ගුවන් යානයෙන් තුර්කිය බලා පිටත්ව ගොස් ඇත.
ජාත්‍යන්තර වේදිකාවක ශ්‍රී ලාංකේය අනන්‍යතාවය සහ රූසපුව විදහා දැක්වීමට ඇයට මෙහිදී අවස්ථාව හිමිවේ.
වෘත්තීය මට්ටමේ දක්ෂතාවන් සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ දක්ෂතාවන් ඒකාබද්ධ කරමින් ඇය මෙලෙස ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට සූදානමින් සිටියි.

