ගාල්ලේ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා මරුට
ගාල්ල, දංගෙදර, ඩික්සන් හන්දිය ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
අද (12) උදෑසන 7.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසුවා.
මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

