free web stats

කුඩා ගඟ සහ මගුර ගඟ අවට සුළු ගංවතුර අවදානමක්

කළු ගඟෙහි කුඩා ගඟ උප දෝණිය සම්බන්ධයෙන් ඉදිරි පැය 48ක කාලය සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (15) පෙ.ව. 8ට නිකුත් කළා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කුඩා ගඟ උපද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවත්, තවදුරටත් වර්ෂාව පවතින බවයි.

ඒ අනුව ගංගා ජල මාපකවල ජල මට්ටම් සහ වර්ෂා දත්ත විශ්ලේෂණයට අනුව බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

මේ හේතුවෙන් කුඩා ගඟ සහ මගුර ගඟ අවට පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්, රියදුරන් සහ ගංගා ආශ්‍රිත ප්‍රදේශ භාවිත කරන ජනතාව දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත්, අවශ්‍ය පියවර ගැනීමට ආපදා කළමනාකරණ අංශ දැනුවත් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *