free web stats

තරගාවලියේ ජය නවසීලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර අද (30) පැවැති දෙවන 20යි 20 තරගය ලකුණු 45කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 186ක් රැස්කිරීමට සමත් විය.

නවසීලන්ත පිල වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූ මාක් චැප්මන් ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වූ අතර ටිම් රොබින්සන් හා මිචෙල් හේ ලකුණු 41ක බැගින් ලබාගත්හ.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. මීට අමතරව නුවන් තුෂාර සහ මතීෂ පතිරණ අතර එක් කඩුල්ල බැගින් බෙදී යන ලදී.

ලකුණු 187ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවි රැස්කර ගත හැකි වූයේ ලකුණු 141ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් පෙරේරා ලකුණු 48ක් රැස්කළ අතර පැතුම් නිස්සංක ලකුණු 37ක් රැස්කළේය. 

ඒ අනුව තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරග තුනකකින් සමන්විත 20යි 20 තරගාවලිය ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *