ඉරාන අමෙරිකානු සාම සාකච්ඡා සාර්ථක වෙයිද ?
ඉරානය සමඟ සාම ගිවිසුමකට එළඹීම අවසන් අදියරේ පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරිම ඇතුළුව යෝජනාවලියට අනුව අමෙරිකාව සහ ඉරානය අතර එම සාම ගිවිසුම අත්සන් කිරීම අද හෙටම සිදුවනු ඇතැයි ද ට්‍රම්ප් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරත වූ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තහවුරු කර ඇති අතර, න්‍යෂ්ටික අවියක් නිපදවීමෙන් වැළකී සිටීමට සහ හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය එකඟ විය යුතු බවට ද අවධාරණය කර තිබේ.
පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් ද එවැනි ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර, පාකිස්තාන නියෝජිතයන් පසුගියදා ටෙහෙරාන් අගනුවරදී ඉරාන රජයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාව සාර්ථක බවත්, ඉදිරි දින කිහිපය ඇතුළත අමෙරිකානු සහ ඉරාන නියෝජිතයන් අතර තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිත බවත් සඳහන් කර තිබෙනවා.
මේ අතර ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ උත්තරීතර නායක මොජ්ටබා කමේනිගේ අවසරයකින් තොරව අමෙරිකාව සමඟ කිසිදු ආකාරයේ ගිවිසුමකට එකඟ නොවන බවයි.
අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළ ආකාරයට හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරිමට ඉරානය මෙතෙක් එකඟතාව පළ කර නැති බවත්, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරිමට සාකච්ඡා කරමින් සිටින බවත් ඉරාන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
අමෙරිකාවේ යෝජනාවට අනුව න්‍යෂ්ටික වැඩසටහන සහ යුරේනියම් නිස්සාරණය අත්හිටුවීමට එකඟ නොවූ බව ද ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
ඉරාන මාධ්‍ය සඳහන් කරන්නේ විදේශ රටවල ඇති ඉරාන වත්කම්වලින් අඩක් නිදහස් කිරිම සහ හෝමූස් සම්‍රුද්‍ර සන්ධියට අදාළ ක්‍රියාපටිපාටිය සැලසුම් කිරීමට දින 30ක් කාලයක් සහ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධව තීරණය කිරීමට දින 60ක කාලයක් ඉරානයට අවශ්‍ය වී ඇති බවයි.

