free web stats

ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුවට වෙච්ච දේ

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස 24 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

පැමිණිල්ල අද (25) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකාර ශෂී විරවංශ මහත්මිය අධිකරණයේ පෙනී සිටියා.

මීට පෙර දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුවේ සාක්ෂි මෙහෙයවීමට පෙර නඩුකරයට අදාළව පරිගණක උත්පාදිත ලේඛන සම්බන්ධ පරිගණක පද්ධතිය පරික්ෂා කිරීමට තමාට අවශ්‍ය බව පැවසුවා.

සාක්ෂි ආඥා පනත යටතේ තමන්ට එවැනි ප්‍රවේශයක් මේ දක්වා ලබාදී නැති නිසා මෙම නඩුව ඉදිරියට විභාග කළ නොහැකි බවත් නීතිඥවරයා සඳහන් කළා.

එහෙත් මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ විත්තිය විසින් සඳහන් කරන ලේඛන පරිගණක උත්පාදිත ලේඛන නොවන බවත් එම ලේඛන ස්කෑන් කොට දත්ත පද්ධතිය තුළ ගබඩා කර තැබීම පමණක් සිදු කර තිබෙන බවත් සඳහන් කළා.

කෙසේ වෙතත් විත්තිය ඉල්ලා සිටින ආකාරයට අදාළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට අවශ්‍ය ප්‍රවේශය ලබාදීම සඳහා වන සාක්ෂි විශේෂ විධිවිධාන පනත යටතේ වූ නොතීසිය අද දින අධිකරණයට ලබාදෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසූවා.

ඊට ප්‍රතිචාර දක්වමින් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මීට අදාළව මෝසමක් මාර්ගයෙන් කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා ජූලි මස 24 වනදා කැදවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *